හීන දෙන්න ආයේ එන්නhiina dhenna aayee enna

Hina Denna Aye Enna

ගී පද

හීන දෙන්න ආයේ එන්න
මේ බව කතරේ තනිවෙන්න 
මොහොතක් ඉන්න නුඹට පුළුවන්ද
මා වෙත ඇවිදින් යලි යන්න

මාලිගා තනා ඈත පාවෙනා 
හීන වැස්සේ මා තනි වුනා
ජීවුතේ පුරා වෙලී නුවන් තෙමා 
මාත් මාගේ නොවී නුඹේ වෙලා 

ගීතයක්ද සවන සිපගන්න
ජීවන ගමනේ ඇසෙන්න 
සිහිනයක්ව රැයට එන්න
මොහොතක් මා ලග ඉන්න

මාලිගා තනා ඈත පාවෙනා
හීන වැස්සේ මා තනි වුනා