හිමි නෑ ඔයාhimi nae oyaa

Himina Oya

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

හිමි නෑ ඔයා කවදාකවත් පිදු සෙනෙහේ දැන් බොඳ වී ගිහින්
සසරේ පුරා සිහිනෙකදිවත් හමුවන්න පින් මදිදෝ ඉතින්
සිත තනිවෙලා දැන් ආයෙමත් මගේ ආදරේ සුළඟේ ගිහින්
රිදවන්න මේ තරම් සිදුවෙලා වරදක් නෑ මගේ අතින්.......

රිදවා මෙමා ඔබ වෙන් වුණත් කඳුලැල් නෙතේ පුරවා තියා
දැකගන්නවත් ඔය රුව සදා වරමක් නැතේ මට නම් මෙදා
අපි වෙන් වුණේ දෛවේ ලෙසින් සැදු මාළිගේ සුන් වී ගිහින්
හඬනවා මා ඉතින් රැගෙන එනු සුවඳක් ඔබ ගිහින්......

හුස්මේ පවා ඔබ ඉන්නවා දෙනුවන් වසා රුව සොයනවා
දෙසවන් පුරා හඬ ඇසෙනවා සුවඳක් වගේ මට දැනෙනවා
අපි වෙන් වුණේ දෛවේ ලෙසින් සැදු මාළිගේ සුන් වී ගිහින්
හඬනවා මා ඉතින් රැගෙන එනු සුවඳක් ඔබ ගිහින්......

හිමි නෑ ඔයා.......