ගී පද
හිමිදිරියේ නව විකසිත කුසුමන්
බමරුන් හා මුමුනයි ගී රහසින්
නලියයි මඳනල සුවඳේ එතෙමින්
පෙති හකුලාගෙන ඇයි නුඹ තනියෙන්
අතීතයක සිරවී උන්
කාලය ගතවී හෙමිහින්
ජීවිතයක අරුත සෙවූ
නෙක කඩඉම් පසුකර දැන්
ඉවත හෙලා සෝ හැඟුමන්
විඳිනු සොඳුර ලෝ මනරම්
අහංකාර කෙහෙ රැල්ලේ
මුව හංඟාගෙන හොරැහින්
නුරා නෙත් අගින් හිනැහී
කැඩපත් සේයාව බලන්
යවුවනයේ නුඹ තවමත්
ප්‍රේමණීය දැයි කොතරම්
ප්‍රේමණීය දැයි කොතරම්
ප්‍රේමණීය දැයි කොතරම්