ගී පද
හිමිවෙන්නට හෝ හිමිකරගන්නට
වරම් නැතත් නුඹේ සුවඳ විඳින්නට
හද පතුලෙන් නැගෙන සුසුම් මැද
(ඔයා තමයි ඉන්නේ මගේ තනියට......//)
දුරස් වෙලා උන්නත් අපි අපිටම
දුරස් බවක් දැනුණේ නෑ ඇත්තට
හුස්මක් ගානේ ඔබ සිහිවෙනකොට
(දුරයි කියා මං කොහොම හිතන්නද......//)
හිමිවෙන්නට......
ඇහැරෙන ඇහැරෙන හැම මොහොතකදීම
නින්ද නොනින්දත් අතර සරන විට
හිත අස්සට ඔබ පැමිණි හෙමිහිට
(ඇස් දෙක තෙත් කරලා සැනසෙනවද......//)
හිමිවෙන්නට......