ගී පද
හිමි නොවන ආදරේ ඔබගේ මතු දිනක මාගේ වෙයි සිතා
තනි වී සෑමදා ජීවත් වෙලා මම ඉන්නම් ඔයා නිසා
ඔබගෙන් ඈතට වෙලා.....
දෙනෙත නුහුරලා කඳුළු වෑහෙනා වේදනා තාම දී
ඔබගේ ආදරේ මහ මෙරක් සේ වැටහුණා පෙර දිනේ
සිහිවෙනා හැම වෙලාවේ ඔබ සොයා එන්න ඕනේ
ඒ වුණත් එන්න බෑ දෛවයයි මේ අපේ......
හිමි නොවන......
දිනෙක පෙර වගේ එනවා නම් ඔයා නැවත මේ ජීවිතේ
රකිමි ඔබ මගේ පණ වගේ ළඟින් තරහා නෑ ඔබ කෙරේ
හිතුවේ නෑ මාව දාලා යයි කියා ඔබ එදා මා
ආයෙමත් එනවදෝ ජීවිතේ ඔබ මගේ......
හිමි නොවන......