හිමි නැති පෙමකටhimi naethi pemakata

Himi Nethi Pemakata

ගී පද

හිමි නැති පෙමකට ඉකි බිඳ  හැඬුමට   
සිත මගේ බොලඳ වෙලා 
අන්සතු හඳකට පෙම් කල වරදට 
ලොව මට එරෙහි වෙලා 

කියාගන්න මට දහසක් දේ ඇත 
මතු දවසක ඔබ හා තනිවී 
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත 
නෙතු දහසක් අප වෙත යොමු වී 

හිමි නැති පෙමකට ....

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට 
සිතෙයි අත්තටු නැතද ලැබී
වරම් නැතේ මට ඔබ හමුවන්නට 
ඈතින් හිඳ හිනැහෙනු මැනවී

හිමි නැති පෙමකට ....