ගී පද
හිම පියලි ඉසින ලෙස
වැටෙනවාලු සඳ චායා
නෙත විවර නොකර
මම රැඳෙමි පාළු කුටියේ
සඳ සිසිල සමඟ පවනේ
ඔබේ සුවඳ දැනෙන තනියේ
සඳුනේ සඳුනේ සඳුනේ...
නෙතු දෑලේ රන්දනා
මදහාසේ කැන්දනා
සඳ යායේ අංගනා
මා හා බැඳී මගේ සිහිනේ ලංවෙලා
තරු යායේ රන් වලා
මා හා බැඳී මගේ සිහිනේ ලං වී...
හිම පියලි ඉසින...
සිත මාගේ චංචලයි ගී රාවේ කන්කලුයි
සඳ චායා ලං වුණැයි ඈ හා බැඳී
හද සිහිනේ සුන්දරයි හෙට ආයේ ගිම්නිවා
මා හා බැඳි මැවූ සිහිනේ ලං වී...
හිම පියලි ඉසින...