හිම කුමාරිhima kumaari

Hima Kumari

ගී පද

සීතම සීත හිම කාලේ 
සුදෝ සුදු  වෙස්සේ 
ඔබේ දැහෙන පැටලිලා 
ඈත එපිට හිම යායේ 
තනිවෙන්න සිප ගන්න අසයි 
මගේ හිම කුමාරි 

සීත ඉර්තුවේ බොඳ වෙලා 
වසන්තයේ සොඳුරු රැයේ 
තනිව ඉකි බිඳින චෙරියායේ 
ගීයකින් මගේ හද 
ඇඳ ඒ ලස්සන 
අමතක කරන්න ලෝබයි 
මගේ කුමාරි 

සීතම සීත හිම කාලේ .../

පාලු නිදි නැති යාමේ 
ලන්වෙලා තෙපලූ කතා 
සිහිනයක් වගේ මතකේ 
කිසිදා උරුම වී නැතත් 
ඔබේ දෙතොල් සිප ගන්නට 
දෙන්නකෝ දෙන්නකෝ 
හිම කුමාරි 

සීතම සීත හිම කාලේ .../