හිම දියවී හිමාලයේhima dhiyawii himaalayee

Hima Diyawi Himalaye

සංගීතය:
ඩැනිස‍්ටර‍් පෙරේරාdaenistar pereeraa
පද රචනය:
ධම්මික බණ්ඩාරdhhammika bandaara

ගී පද

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා...
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..…

සිනා රැලි නගා උතුරන
ඔය හදවත් නීල ජලාසේ
පීනන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා...
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..…

හිම දියවී හිමාලයේ.....

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා...
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..…

හිම දියවී හිමාලයේ.....