හික්කඩුවේ තරුණ කෙල්ලෝhikkaduwee tharuna kelloo

Hikkaduwe Tharuna Kello

ගී පද

හික්කඩුවේ තරුණ කෙල්ලෝ
මා ගැන සැලකිලිමත් වී
හදිස්සි වුනු නිසා ඔවුන්
ඇත අද දින බොහෝ දුක් වී

කිව්වට දැන් මෙහෙම කතා
නැහැ තාමත් කෙනෙක් පතා //

මේ වෙනකන් මම හිටියේ 
බොහෝ සතුටින් බව හිතන්න
බලාපොරොත්තුවක් තියෙයි
තවදුරටත් මෙහෙම ඉන්න

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා

සංසාරේ සරණ තුරා
සුදු කෙල්ලව හමුවන තුරු
ඇය වෙනුවෙන් ආදරෙ මං
පුද කරනවා මිය යන තුරු

එන්න මගේ අත අල්ලා
බදිනෙමි පෙම් ඔංචිල්ලා //

හොද කෙල්ලක් හොයනා එක
කළුනික හොයනවා වාගෙයි
වදයක් නැහැ දෙයියනි
තනිකඩකම බොහොම අගෙයි

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා

ලව් කරලා බදිනව මං
බැහැ බැදලා ලව් කරන්න
පව් කරලා නැහැනේ මං
පුළුවනි කෙල්ලෙක් ලබන්න

නංගිල මේ ටික අහන්න
කපුකම් නම් එපා ඔන්න
තනිකඩ මට මෙහෙම ඉන්න
ආසයි මං කල් ගෙවන්න

එහෙම කෙනෙක් ඉන්නව නම්
මා ගැන ඉගි බිගි කරන්න //
බොහොම හොදින් මා හමු වී 
අයි ලව් යූ බව කියන්න