හේතු කාරණා නැති උනත් දශමයක්heethu kaaranaa naethi unath dhashamayak

Hethu Karana Nathi Unath

ගී පද

හේතු කාරණා නැති උනත් දශමයක්
වැරදි ගොත ගොතා පැවසුවේ ලක්ෂයක්
යන්න වෙන්වෙලා බව දන්නවා අදත්
පොළවෙ පය ගසා ඉන්න පිරිමියෙක් මමත්

බැහැ නේද පවසන්න එක හේතුවක්
හැමදාම රැවටෙන්නෙ නැහැ රත්තරන් 

හැම භවේ ලඟට වී ඉන්න බව කිව්වට
සැනසුනේ ඔහුගෙ ලඟ නේද මම හිටියට
හිතුමතේ යන්නෙ ඇයි ඔහොම හිත කිව්වට
නුඹ විඳියි මෙදුක මම දන්නවා මතුවට

බැහැ නේද පවසන්න එක හේතුවක්
හැමදාම රැවටෙන්නෙ නැහැ රත්තරන් 

පපුතුරේ කොහොම නම් ලිව්වෙ නුඹ ඔච්චර
තේරුනේ මටම මම වැටුන පසු බිමටම
සනුහරේ අල්ලා නුඹ කීව හැම වදනෙම
නුඹ විඳියි මෙදුක මම දන්නවා මතුවට

බැහැ නේද පවසන්න එක හේතුවක් 
හැමදාම රැවටෙන්නෙ නැහැ රත්තරන්