හෙමින් සැරේ පියා විදා (සුමුදු සයනේ)hemin saeree piyaa widhaa (sumudhu sayanee)

Hemin Sare Piya Widaa (Sumudu Sayane)

ඇල්බමය
Ratharan Neth Dekin
සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ධර්මසිරි පතිරාජdhharmasiri pathiraaja

ගී පද

හෙමින් සැරේ පියා විදා
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල.. රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර.. දියෙන් උපදින

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය.. සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා.. පවුරු සිරි යහනේ

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්