ගී පද
හේමන්තයේ සීතලේ ගුලි වෙවී තුරුළු වී
තදබදේ කොහේ හෝ යන්න යං
මිහිදුම් මී දුමාරයේ අපිත් එක්ක ඒ
ආදරේ පොරෝනෙන් වසාගෙන දැන් ඉතින්
(අපි අපේ ජීවිතේ බෙදා ගමු යුවතියේ....//)
රෑ සඳු පවා අප හා එන හැටි
දෑසේ වෙලි වෙලී බල බලා තව යමු
දෑසට එබී හිනැහෙමු ඇති තරම්
හේමන්තයේ මේ වගේ තව දිනක්
ඒ දැයි කියා දන්නේ නෑ ළඳේ ආයේ නම්......
හේමන්තයේ සීතලේ......
සීතල සුවයි උණුසුමයි දැන් ඉතින්
ලෝකේ අපේ ආදරේ විතරමයි
පාළුව පවා මේ පැයේ රස බරයි
හේමන්තයේ මේ වගේ තව දිනක්
ඒ දැයි කියා සිතනු බෑ ළඳේ ආයේ නම්......
හේමන්තයේ සීතලේ......