හේමන්ත නිද්‍රාවේheemantha nidhraawee

Hemantha Nidrawe

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
පද රචනය:
සුරම්‍ය බෝපිටියsuramya boopitiya

ගී පද

හේමන්ත නිද්‍රාවේ වෙලී තුරුපත් අතර සැලී
ඉපල් බේරුනු රූස්ස ගස් අතරේ
පිපී තිබුනා නම නොදන්නා
එකම එක සුදු මලක් //

ගිම්හානයේ අවසන් සැඳෑවේ මෝදු වුනු කැකුළක්
නපුරුම කාලයක සැඟව හිඳ
උදා හිරු එළියේ පිපී තිබුණා
එකම එක සුදු මලක් //

වස්සානයේ සඳ කෙම් අතරේ මලක් සෙවුමිණි තුඩක්
පහස ලද සුදු මලක් හඬා මැදියමේ
ලොවට රහසේ ගසට නොකියා
සොයා ඇදුනා තණපතක් //

හේමන්ත නිද්‍රාවේ වෙලී ....