හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් උනාhaemadheema sithin iwasana eka purudhdhak unaa

Hemadema Sithin Iwasana

ගී පද

හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් උනා
හැමදාම ඔයා රිදවන එක පුරුද්දට ගියා
මගෙ සරල හැගුම් ගති පැවතුම් හෑල්ලුම කරා
ආදරේ තරම මැන බලන්න ඔබට බැරි උනා

ඔබ දිවුරා බොරු කිව්වේ
හිත අවුලා ගිනි තිබ්බේ
සම්බන්දේ බිද දැම්නෙ 
ඔය අත්දෙකෙන් තමයි

මුලු ලෝකේ අද දන්නෙ මගෙ නමසහ ගම විතරයි
ආදරයේ දුක දන්නේ මගෙ හිත සහ මම පමනයි

වරදයි මාගේ අවංකකම හැමට වඩා
රවටයි නොසිතුනෙ අහිංසකව හිනා වෙලා
සතුටයි කිව්වෙ සල්ලි වලට නෙවෙයි කියා
තේරෙයි සෙනෙහේ නොමැති දාට මතාක් වෙලා

ඔබ දිවුරා බොරු
මුලු ලෝකේ අද දන්නෙ

පාලුයි ලෝකේ මගේ හීන බිදුනු නිසා...
කදුලුයි මාගේ කතන්දරය පුරා හඩා...
සැපතයි පොලවේ රියන් හතර ඔයිට වඩා....
යන්නම් කවුරුත් ගිහින් එන්න කියන්නෙපා.....

ඔබ දිවුරා බොරු...............
හැමදේම සිතින්................

ඔබ දිවුරා.......................

මුලු ලෝකේ අද දන්නේ................//