හැමදාමත් ලඟින් ඉන්නhaemadhaamath langin inna

Hemadamath Langin Inna

ගී පද

හැමදාමත් ලඟින් ඉන්න 
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න

කුරුළු වෙසින් ඉගිල යන්න 
තිසැල් අහස සිසාරන්න 
ඔබ රිසි නම් කුරුල්ලන්ට 
ගී කියන්න කවි ලියන්න
ඒත් මගේ රත්තරනේ 
කිසිදා මා හැර නොයන්න 

සෙනෙහෙ සලන මලක් වෙන්න 
මුළු ලොවටම සිනා දෙන්න 
ඔබ රිසි නම් සමනලුන්ට 
හාදු දෙන්න ඉඩ හරින්න 
ඒත් මගේ රත්තරනේ 
කිසිදා මා හැර නොයන්න

හැමදාමත් ලඟින්...