ගී පද
හෙලුවා නම් එක කදුලක් නෙතු අග
වියළුනි ඒ එක කදුලත් සුළගේ
දැනුනා නම් හද රිදුමක් දවසක
නිම විය ඒ දුක සුපසන්
ගෙපැලේ - ගෙපැලේ- ගෙපැලේ
වැහි මන්දාරම සුළගට හසුවී
නාල් වන් අහසයි ගම් දොර දිළුනේ
පුදින ගොයමේ නාඹර සුවදයි
වතුසුදු නා වන මල් මත රැදුනේ - රැදුනේ
ගමි මැද්දේ මහ වැව් ඉස්මත්තේ
රොන් අරගන්නයි තල මල් පිපුණේ
කුලින් කුලට ගී සින්දු කියාගෙන
බඹර වදින්ටයි බඹරුන් ඇදුනේ - ඇදුනේ