හෙලු රුධිරය උත්තමයිhelu rudhhiraya uththamayi

Helu Rudhiraya Uththamai (Soldier)

ගී පද

හෙලු රුධිරය උත්තමයි මුළු මව්බිම ණයගැතියි
අපි එක අම්මාගේ තමයි මේ රණවිරු ආචාරයයි
හිරු දහසක් පෑයුවා දේශය දිනු නුඹ නිසා
නූපන් දරුවන් නෙතින් සතුටු කඳුළු වෑහුණා.....

දවල් දොළහේ ලෙඩ්ඩු බලන වේලාව එනකොට 
ලිෆ්ට් එකේ ඔයාගේ චායාව නෑ
දන්නවා ඔයාට තේරුම් ගන්න බෑ
ඒත් මේක කොහොමවත් පෙන්නන්න බෑ
මගේ කකුල් දෙක නැතුව මාව 
දකින එක ඔයාට උහුලන්න දෙන්න බෑ
මේ දරුවගේ ඇස් වලට කඳුළු පිරෙන එක
ඔන්න මට නම් ඉවසන්න බෑ 
ගැටඹේ පන්සලෙන් ගත්තු පිරිත් නූල
ඔයා ලියුමක දාලා එව්වා
නන්දිකඩාල් කලපුවේ කරක් බැහැගෙන ඉන්නකොට
එක තෙමුණා ජලයේ මුහුදේ රතු පාටින් 
ඉර බැහැගෙන යනකොට දස අතින්
 ආර්ටි මල්ටි හඬ්න් තල් රුක් පාරේ සන්සුන් බිඳුණා
බස් එකේ ලාස්ට් ෂීට් එකේ බයික් එකේ 
ඔයත් එක්ක චැට් එකේ යන්න වෙන්නේ නෑ 
උණවටුන බීච් එකේ අත් අල්ලගෙන කිරින්ද කන්ද දිගේ
මොනා වුණත් ලක් මෑණිගේ අපි වීර දූපුතුන් වාගේ 
නොවී සා දුක් අනාගතේ සිනහා වී දෙමු ජීවිතේ.....

හෙලු රුධිරය.....

ෆ්රොන්ට් එකේ මිෂන් එකේ ඉඳලා නිවාඩු යනවා දවස් අටේ
ෆ්ලයිට් නැති හින්දා අද මං යනවා A9 පාරේ බස් එකේ
පොප් මාස්ටර්ගේ සිංදු කියනවා ඩොල්කි ගහන්නේ ෆුට් බෝඩ් එකේ
සූසයිඩ් ඇටෑක් එකක් ආවා බස් එක ස්ලෝ කෙරුවම රෝඩ් බ්ලොක් එකේ
මට වෙඩි වැදුනා වටපිට බැලුවා මොනවත් පෙන්නේ නෑ
කළුවර ලෝකෙන් මිදෙන්න බැලුවා ඇස් දෙක අරින්න බෑ
ආවේ හොස්පිටල් මාස තුනක් මම ජීවිත සටනේ යුධ වැදුනා
ඇස් දෙක නැතුවට රෑප මවාගෙන ටීවි එකේ නිව්ස් ඇහුවා
සිංහල ද්‍රවිඩ මුස්ලිම් අපි හැමෝම දැන් නෑගම් යනවා
සුදු පරවියෝ දැන් ඉගිලෙනවා සිංහ ධජය අද ලෙලදෙනවා
අලිමංකඩ මුලතිව් පුදුකුඩිඉරිප්පු කිලිනොච්චියේ ලිප් මෙලවෙනවා
උතුරු නැගෙනහිර යුද්දය ඉවරයි යාපනේ පුස්තකාලයත් ඉදි වෙනවා......

හෙලු රුධිරය.....

ෆ්රොන්ට් ලියින් එකක් අද නම් නැතේ
මිස් එක මතක් වන විට දුක සිතෙයි 
ටීම් එක දසත විසිරි ගිහින් සෑම දේ සුන් වී ගියේ
රෝද පුටුවකට වී හිඳිමින් බලමි ජීවිතේ දෙස සියැසින්
දුකක් නෑ තුන් සිතකවත් ආඩම්බරයකි මට මේ ජීවිතේ
කෑම්ප් එකේ ක්‍රිස්මස් පාටි එක දවසේ මම ජපුර හොද්පිටල් එකේ
වෝඩ් එකෙන් ලන්ච් එක එපා අද මට අම්මලත් දවල්ට එයි වගේ
වීල් චෙයාර් එක පද්දගෙන මට යන්න ආසයි වෝඩ් එක වටේ
තල්ලු කරන්න ඕනේ නැහැ මල්ලි තාම හයියයි අත් දෙක මගේ
නංගීගේ මේ මාසේ ක්ලාස් එකට දෙන්න සල්ලි නැහැ අතේ
මොන දේ වුණත් දැන් දුක නෑ මට මගේ ලක් මෑනියන් දැන් නිදහසේ
ජනේලයෙන් ඈත බලන් හිටියට එයා ආයෙත් එන්නේ නැහැ වගේ
කමක් නැහැ දැන් ඔයා නාවට මං වීර පුතෙකි දැන් මුළු රටේ......

හෙලු රුධිරය......