ගී පද
හෙලනා සුසුමන් වැටුන මුතු මෙන්
තනිවම ඔහු කතරේ
රුවක් පෙනේ මට හීනෙන් වාගේ
මහ රජු දුටුවා සේ...
දිලෙනා මිරිඟුව ගැටෙන වෙලේ
සුවඳයි ඔබේ සුසුමේ
ලොව දිනනා දා මල් දෝතක් ගෙන
පාද වදිමි රජුනේ...
හෝ... හෝ... හෝ...
ජීවිත සයුරේ මංමුලා වූදා රුවලක් වූ ඔබේ වදන
අන්ධකාරේදී පහනක් වූවා සුවඳයි මැවූ ඒ ලොවම
දෙවොලක දිලිසෙන දෙවියන් නමදින
මා ලග වැඩ සිටි පහන
හෙලනා සුසුමන්...