හෙළ විරුවන් විසු ලංකාhela wiruwan wisu lankaa

Hela Wiruwan Wisu Lanka

ගී පද

හෙළ විරුවන් විසු ලංකා
අප මව්බිම ශ් ‍රී ලංකා
රන් බිම පින් බිම ලංකා
ලොව සුපතළ ශ් ‍රී ලංකා

අභිමානයි මව් ලංකා
බැතිබර හරසර පෙන්වා
සාමය සමඟිය නංවා
අපි සුරකිමු දේශය ශ් ‍රී ලංකා 

වීර විකුම් කළ දූ දරුවෝ
ගිය ගිය තැන මුල් තැන දැරුවෝ
මේ ලෝකයේ...

සරුසාරයි ශ් ‍රී ලංකා
බත බුලතින් පිරි ලංකා
ලොව අගයන රට ලංකා
දිරියයි සවියයි ලංකා

හෙළ විරුවන්....

දෑ ආගම් කුල බේද නැතී
එක දරු කැළ සේ ඉඳිම් බැඳී
යුගයෙන් යුගේ...

මන බන්ධන ශ් ‍රී ලංකා
අප සම්පත ශ් ‍රී ලංකා
ඉසුරින් පිරි රට ලංකා
දියුණට ගෙන යමු ලංකා

හෙළ විරුවන්.....