හෙළ ජාතික අභිමානේhela jaathika abhimaanee

Hela Jathika Abhimane

ගී පද

(හෙළ ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්)...//

වීර විකුම් පෑ පෙර දරුවෝ - දෙස රැස මුර කෙරුවෝ.
ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ - නොමවව් ණයකරුවෝ
දැය දියුණට පැද යන නැවියා - ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා

හෙළ ජාතික අභිමානේ .../

මුහුදට ඈදෙන මහ ගංඟා - කුඹුරට යලි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ - පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා - බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා

හෙළ ජාතික අභිමානේ .../