ගී පද
හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ
විසකටු තිබුණාවේ අපි බිම වැටුණාවේ
හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...
ආදර ගංගාවේ රෑකට හඳපානේ
ඔරුවක නැගලා මේ පාවෙමු අපි රෑනේ
හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...
සිහිවන්නේ අපගේ බාලේ යලි එන්නෑ ආගිය කාලේ
එලි වෙන්නේ අප මැවූ හීනේ
මේ යන්නේ රළු මාවතේ අපේ ජීවිතේ
හීතල වැස්සට අපි බය නෑ නෑ නෑ බය නෑ
අඳුරේ මංමුලා වෙන්නෑ මංමුලා වෙන්නේ නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...
හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
(අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...///)