හීනෙක දැවටීhiineka dhaewatii

Heeneka Dawati

ගී පද

හීනෙක දැවටී ඇයි ආවේ රෑ කාලෙකින් 
ඉඳහිට හෝ මා සිහිවෙනවදෝ නොදනිම් 
හඬා නතර වූ හදේ සෙනෙහෙ බර ඉඳුරන් 
ඇහැරේවි ඔබ කොහේ කියා විමසමින්... 

අතින් ගත්තු හෙම් බිම වැටුණා නෑ රිදවුම් 
සිතින් වැළඳගත් ඔබ නෑ එබැවින් රිදවුම් 
සැබෑ ලොවේ කවදා හෝ ඒ නම් සැනසෙම් 
හීනෙන් පතන්නේ නෑ ඔබ එහි නෑ සැනසුම්... 

සිනා සලා පුරා හිඳීනා මිසකින් 
සිතුම් නිහඬ කර ඇත්තේ මා බොරු රසකින් 
හීනෙන් හිනැහී ඇවිදින් මා සිත නොතලන් 
ඉන්නම් ඉවසා ගෙන එන්න දිනෙක ඔබ හැබැහින්...