හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලාhiinayakdha mee nil maenik dhaesa lan welaa

Heenayakda Me Nil Manik Dasa Lan Wela

ගී පද

හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා
සාගරේ දනී ආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා

දෝරේ ගලා යන කඳුළු ගංගා සිඹී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
කාලේහි කියා දුන් නෙක දුක් නිවී
පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී

මා සුපෙම් ප්‍රියාවියේ .... මේ පන නලත් ඔබේ

හීනයක්ද මේ ....

මගේ ලයේ ඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස් ගීත ගොන්නක් හඩා වැටේ
සිනා ගෙන ඔය දෑස් කැල්මෙහි මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී

මා සුපෙම් ප්‍රියාවියේ .... මේ හදවතත් ඔබේ

හීනයක්ද මේ ....