හීනයක් වගේ ඔබ ආවාhiinayak wagee oba aawaa

Heenayak Wage Oba Awa

ගී පද

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා 
හීනයක්ද මේ හිත කීවා

ඔබ ඉගිල ගියා අහස් යහනට 
වලාකුලකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රළ මත 
සයුරු රලකින් නම අසාගෙන එන්න
හිත නතර වුනා ගීතයක් ලඟ
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ
නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ 
නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ 

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා 
හීනයක්ද මේ හිත කීවා