ගී පද
හොර වෙලා දිය වෙලා
ගලනවා ඔහේ කාණුවේ
හොඳක් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජිවිතේ
(හීන තිබුනට කෝටියක්
අතේ නෑ එක රුපියලක්.....//)
හිනා වෙන්නට බලන් හිටියට
සැපක් ගැන හිත පෙරුම් පිරුවට
අනුන්ගේ සැප බලෙන් උදුරන්
අපේ කරගත්තොත් මිසක්
(අදත් නෑ හෙටත් නෑ
අපිට සැපතක් ලැබෙන්නෑ....//)
(හීන තිබුනට කෝටියක්
අතේ නෑ එක රුපියලක්.....//)
ආදරේ හද පුරා දිව්වට
කිති කැවී හීන බලන් හිටියට
දුන්න උදුරන් මල්සරාගෙන්
අපිම විදගත්තොත් මිසක්
(අදත් නෑ හෙටත් නෑ
අපිට ආදරේ ලැබෙන්නෑ....//)
හොර වෙලා.......