හීන පේන හැම රෑකමhiina peena haema raekama

Heena Peena Hama Rakama

සංගීතය:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
පද රචනය:
නන්දසිරි කීඹියහෙට්ටිnandhasiri kiimbiyahetti

ගී පද

හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි 
ආලවන්තකම ළඳුනේ පාරමිතාවකී

පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ 
මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ

පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිඟාව මගේ වගේ දැනුනා සොඳුරියේ 
වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ළයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ