ගී පද
හීන ගේන රෑ පාවී සඳ ආවා
දුටුවා දෑත පාලා ඈ සඳ සේ පාවෙලා
රිසි සේ හාදු දීලා රෑ යාවී ඉඟි පෑවා
කොඳුරා කීව රහස ඈ හදෙහි ගෑවිලා
දෑස මත්ව මා දැන් ඔබ හට ආදරෙන්
ඔබේ හිස පීරමින් ළඟ ගෑවෙමින්
හද පෑහෙමින් සොඳුරියේ
කෝල බැල්ම ඈ දැන් නෙතඟට
ගාවමින් තරු නෙතු විහිදමින්
මුදු හාදුවෙන් වත නහවමින්
සොඳුරියේ......
හීන ගේන රෑ පාවී සඳ ආවා
දුටුවා දෑත පාලා ඈ සඳ සේ පාවෙලා......
[Rap]
(ලංව ලංව ලංව හැංගි හැංගි හැංගි
හීන කැන්දු පාට රැන්දු ආල බැන්දු මාගේ ළන්දු.....//)
හීන ගේන රෑ......