හීන ගෙනා හිනා ඩිංගhiina genaa hinaa dinga

Heena Gena Hina Dinga

සංගීතය:
හෂාන් තිළිණhashaan thilina
පද රචනය:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

ගී පද

හීන ගෙනා හිනා ඩිංග මතක් කර කර
නුඹේ නමින් හිත පිපිච්ච සොඳුරු මල් මත
කඳුළු නැගෙන සුසුම් තියා යන්න ගියාට
තාමත් ආදරෙයි නුඹට සත්තකින් මං
තාමත් ආදරෙයි නුඹට සත්තකින් මම...

මහමෙරකට හදවතින්ම පැතුම් ගොනු කරන්
දන්නවාද නුඹ වෙනුවෙන් මා හිතූ තරම්
ඔය හිමිකම ලබාගන්න නොතිබුණත් වරම්
(අමතක වෙන්නැතිම කෙනා නුඹයි රත්තරන්...//)

හීන ගෙනා හිනා ඩිංග...

ඉස්සර වගෙ හිත කීව්වට ඉන්න මග බලන්
රිදුමක් මිස වෙන කිසිවක් නෑ ලැබුවේ මං
ඉඟිබිඟි මට පෑ ඇස් දෙක අද ඉවත අරන්
අහක බලන්නට තරම්ම පිටස්තරද මං...

හීන ගෙනා හිනා ඩිංග...