හීන ගේන හැම රෑකමhiina geena haema raekama

Heena Gena Hama Rakama

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
පද රචනය:
සුරම්‍ය මාපිටියsuramya maapitiya

ගී පද

හීන ගේන හැම රෑකම ලඟ හිටියානම්
නෑර කටුව ආවානම් සසර පුරා මං
ආලවන්තකම කියන්නෙ බෝසත්කම නම්
දුක් විදින්න දන් දුන්නේ කොහොමද එහෙනම්

ඈත දුරක හිටියත් නුඹ ළඟ උන් බව දැනී
පේන පේන හැමතැනකම රන් රූපෙම පෙනී
දිප දේසේ යන යන තැන මම සෙව්වා සකී
ජිවතේම නුඹ අරගෙන යන්න ගියා වැනි

වාවගන්න බැරි කරුණක් ඇස සිරකර වසා
පාරගන්න බැරි සිත නුඹ අරගෙන දුර ගියා
පාත්වෙන්න බැරිවත් හිස උරහිස මත තියා
සෙනේවන්තකම අරගෙන එනවා සොය සොයා //