හීන ගානේhiina gaanee

Heena Gane

සංගීතය:
දිරාන් විජේසිංහdhiraan wijeesinha
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

ඇස් පුරා රැස්වෙනා වේදනා රෑ පුරා
රැයේම මාව පාරා තියා
මේ ලෙසේ වේදනා හේතු දී එදා
ඇයි ගියේ සදා මාව දාලා ඔයා
හීන ගානේ රෑට පේනා හේතු කාරණා
රෑ පුරාම දෑස ගාව ගේන වේදනා
මගේ සේද ආදරේ හැමදාම මේ භවේ 
සසරේ පුරා මියැදී නොයා පවතීවි මා හදේ.......

තරුවක් හරි ඇති මේ රැයේ පෙරදාක රෑක මාගේ ගාව හීන තේරුවේ
අද නෑ ඒ වගේ මා පැතු ආදරේ 
පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ
හීන ගානේ රෑට පේනා හේතු කාරණා
රෑ පුරාම දෑස ගාව ගේන වේදනා
මගේ සේද ආදරේ හැමදාම මේ භවේ 
සසරේ පුරා මියැදී නොයා පවතීවි මා හදේ.......

පැතු ආදරේ බිඳ දා ගියේ තරු දෑස 
පේනා වේදනාව සීත පාළුවේ
මට නෑ තේරුණේ මා පෙළු කාරණේ
පාවෙලා ඈ ගියේ ආවේ නෑ ආයේ......

ඇස් පුරා රැස්වෙනා.......