හීන් සැරේ ඔබ ආවා ආවාhiin saeree oba aawaa aawaa

Heen Sare Oba Awa Awa

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

චිත්‍රපටය : වසන්තයේ දවසක් (1979)

හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී ඔබ ආවා ආවා
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව ඔබ ආවා 
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ ආවා ආවා

තරුවෙන් තරුවට පැන පැන හෙමිහිට 
මලකින් මලකට පියඹා කදිමට 
මා දඟකාරිය නාරිලතාවිය
(කාන්සියේ හොඳ අඳුර මකා හැර...//)  
හීන් සැරේ ඔබ ආවා ආවා

(මත් කොවුලන් ගීත නදින 
සත් පියුමන් රේණු මතින...//)
අත්වැල් බැඳ නටමු නටමු 
සිත් සැණකෙළියේ.. 
සිත් සැණකෙළියේ..  

(නීළඹ නිල් වියන යටින් 
පින්න පිපුණු පලස මතින්...//)
සුරංගනා රැඟුම් රඟමු 
සඳ තරුවලියේ..
සඳ තරුවලියේ..