ගී පද
හීන් සැරේ හිතට මගේ සෙනහස පාලා
ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා..
සැරින් සැරේ පැයින් පැයේ ඇමතුම් ආවා..
හදිස්සියේ වෙනස් උනේ කොහොමද ඒවා..
හිත මගෙ පාර පාර යනවද ඈත ඈත..
මේ හිත තනිකර දාලා..
අවංක හින්දා ආයේ වැරදුනා..
හිතන්න දේවල් නෑ හීන බොද උනා//
ජීවිතේට මේ තරමට බැදිලා..
කාටවත්ම නෑ ආදරේ දීලා..
සංසාරෙම ඔබේ වෙන්න හිතලා..
මගෙ හිතටම ඇයි මේ පිටු පාලා..
වෙන් වී යන්න ගියා කදුලක් ඉතිරි කළා..
ඔබහට නෑසේද මේ වේදනා..
අවංක හින්දා...//
හදවතින්ම පිදුව මාගේ සෙනෙහේ..
අඩුවක් කවදා කෙලෙසෙද වූයේ..
හිතාගන්න බැරි මේ දුක දුන්නේ..
හැදේටම ලගින් සිටි ඔයානේ..
වෙන් වී යන්න ගියා කදුලක් ඉතිරි කළා..
ඔබහට නෑසේද මේ වේදනා..
හීන් සැරේ හිතට..//