හසරැල්ලක්hasaraellak

Hasarallak

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
වසන්ත කුමාර කොබවකwasantha kumaara kobawaka

ගී පද

හසරැල්ලක් නුහුරු මුවට
සැනසිල්ලක් නොමැති සිතට
පවනැල්ලක්වත් හමන්න
ජීවිතයේ මද්දහනට

දැනුමට ලද නෙක සහතික
ඉකිලන කල ගෙයි මුල්ලක
උස් අසුනට යන මාවත
අපට නොවේ ඇරුණේ
ගොමරිටි යන වතුරෙනි
ලොව පැන් සනහන්නේ

මව්පිය විවරණ ලබමින
උන් සුවපත් කරන සිහින
පොල් අතු පියසින් ගලනා
පිනි වැස්සෙන් මැකුණේ
මේ හැටි දඩුවම් ලබනට
කළ වරදක් නොදැනේ