ගී පද
පේන නුඹේ නෙතු දිහාම ආදරෙන් බලා
හීන දකින හිත කියාවී ආදරෙයි කියා
ආදරයේ සුවඳ කල්පනා
කුමරියේ මගේ ලොවේ හසංගනාවී ඔයා.........
රෑ සිහිනේ නැලවුණු කුමරී මා සනහා යනු එනු මැනවී
පෑ සිනහා මා සිත පිරුණි ආදරයේ සුව දුක් විඳිමි
කුමරියේ මගේ ලොවේ හසංගනාවී ඔයා.........
පේන නුඹේ.......
හිත හිමි නෑ නුඹ ගැන හිතනා නුඹ දුර නෑ
දසතේ මැවෙනා පාළුව රෑ හිත ඉකි බිඳිනා
සුරකිමි මා නුඹ මට හිමි දා
කුමරියේ මගේ ලොවේ හසංගනාවී ඔයා.........
පේන නුඹේ.......