හැරයන්නhaerayanna

Harayanna

සංගීතය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
පද රචනය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

ගී පද

තාම ආදරෙන් මතක් කරන්නේ මං ඔයා 
වෙන් වෙලා ගිහින් හැඩෙව්ව මුත් සදා මෙමා 

හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා 
ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා 
(වැරදිකාරියක් කියා මං නිගා කරන්නේ නෑ 
මැරෙනකන් ඔයාගේ ඉදිරියට එන්නේ නෑ...//)

ලැබුවේ මං අනේක චෝදනා ඔයා නිසා
ලෝකයා හිනා වුනා ඔයා ගියා කියා 
තාම මේ මුවින් ඔයාට නෑ දොසක් කියා 
ආදරේ නිසාම ඉන්නේ මං හුඟක් දරා 
 
හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා 
ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා 
වැරදිකාරියක් කියා මං නිගා කරන්නේ නෑ 
මැරෙනකන් ඔයාගේ ඉදිරියට එන්නේ නෑ

ඉන්න ඔහුගෙවත් වෙලා වෙනස් නොවී හිතින් 
මං තරම් දුකක් විඳින්න ඕන නෑ ඔහුත් 
මා ලඟින්ම උන්නු කාලේ ඔය හිතේ දරන් 
එන්න මං මැරිච්ච දාට මල් වඩම් අරන් 

හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා 
ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා 

තාම ආදරෙන් මතක් කරන්නේ....
හැරයන්න ඉදිරියට තිබ්බ පය....