හන්තාන දෙසින් එනhanthaana dhesin ena

Hanthaana Desin Ena

පද රචනය:
සුදත් ගාමිණී බණ්ඩාරsudhath gaaminii bandaara

ගී පද

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින්
හඳුනනවා නම්
මේ පහන ඔබේ
සුරතින් දැල්වූ
මං බොහොම
ප්‍රවේසම් කර ගන්නම්…

සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා…

තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා…