ගී පද
ඔබට කවි ලියනා රැය නොම පහන් වේවා
අකුරු වටකුරු නෑ මගේ සෙනෙහේ ඇත ලියලා
පිටුවම බොඳවෙයි කඳුලු වැටී මගෙ හදවත හිරිවැටිලා
ඔය රුව මතකේ නොමියාවී මගෙ හංසනාරියේ
ළමැද මැද්දේ වහින වැස්සේ මාව තෙමිලා ගියා
උකුලෙ හැංඟී ගයන පෙම් ගී රාව මතකයි එදා
මිහිපිට මා දුටු සුර ළඳුනේ මගෙ සියොලඟ ඔබ මත්කලා
කළ්‍යාණියේ මගේ පණ ඔබ හංසනාරියේ
මටම හිමිනැති ලොවම හඳුනන ශෘංගාරී ආයාචනා
පාද සළඹට නිතඹ සැලුවට ඇයිද වල්මත් වෙලා
මිහිපිට මා දුටු සුර ළඳුනේ මගෙ සියොලඟ ඔබ මත්කලා
කළ්‍යාණියේ මගේ පණ ඔබ හංසනාරියේ
පිටුවම බොඳවෙයි කඳුලු වැටී මගෙ හදවත හිරිවැටිලා
ඔය රුව මතකේ නොමියාවී මගෙ හංසනාරියේ