ගී පද
හංස බෝට්ටුවෙ නැගලා
යන්න එන්න රවුමක්
ඔබ එනකොට ඇඳන් එන්න
මල් පිරිච්ච ගවුමක්...//
බේරෙ වැවත් සුන්දර වේ
ඔබත් සුවඳ පිවුමක්
දකින දකින අයත් කියයි
අන්න රෝස කුසුමක්...//
බේරෙ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ
තරු මුතුකැට වෙලා පෙනේ නෙතු පැටලෙයි පහසේ
හංස බෝට්ටුවට වෙලා අපි දොඩමලු වෙමු රිසිසේ
සුවඳ රොදට එකතු වෙලා ඔබේ මුලු ලොවටම රහසේ
මල් වට කර බඹරු නටයී ගුම් ගුම් නද දෙමිනේ
රන් සමනල රෑන් නටයි මල් වට හැඩ දෙමිනේ
ඒ ලස්සන පෙනෙන්නෙ නෑ නෙතු ඔබටම හිමිවේ
ජීවිත කාලෙම ඉන්නම් මුලූ ඔයානෙ මගෙ සිහිනේ
හංස බෝට්ටුවෙ නැගලා.....