හැගුමන් ඇයිද මෙතරම්haeguman aeyidha metharam

Hanguman Aida Metharam

ගී පද

හැගුමන් ඇයිද මෙතරම්  
නැතිදෝ හිතේ රහසක්
පවසන්නේ බලා මා දෙනෙත්
රහසින් කියනු බැරිනම්
සිහිනෙන් එන්න හැකිනම්
මා ඉන්නම් දිවිපුරා නුඹ ළඟින්

හීනයක දැවටෙමින්
රුවට ඔබෙ මත්වෙමින්
හිත පුරා දැල්වෙනා පෙම් හැඟුම්
දෙනෙත් අග මුමුණමින් 
කවියක් වෙන්න පෙරුමන් පිරුව මං

වසන්තේ උදාවී 
මල්වලින් සුවඳ වී
නොසඟවා කියනු මැන ආදරේ
අතරමංවී සොයයි
කොහි ගියේ සැඟවෙමින්
ඔබවමයි පැතුවේ මා හදවතින්

හැඟුමන් ඇයිද ....