ගී පද
ඇසිපිය නටයි ඔබ දුටුවම හැඩකාරියේ..
සිත උමතුවෙයි ඔබ රුව නිසා දඟකාරියේ..
මුහුණෙ පෙම් පාට සිරුරෙ පින් පාට
දුටු මගේ සිල් බිදෙයි..
සිතැඟි කිති කවන
ඔබෙ මුකුළු දැලට බැදෙමි සත්තයි ලදේ..
සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා, හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..
ලෙලදෙනා නිතඹේ හැපී අයැදින්නද සමා ඔබෙන්..
නැලවෙනා ගමනේ හැටි නරඹන්න ද කලා නෙතින්..
රුවැති යුවතියගේ කොපුල සිපගන්න පමණක් තිබේ..
සිහින දෙව්දුවගේ සුරත අරගන්න අවසර තිබේ..
සුපෙම් සෘංගාරියේ... /