හැංගි හැංගි එබිකම් කළා (සදහටම ඔබ මගේ)haengi haengi ebikam kalaa (sadhahatama oba magee)

Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song)

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
සිඩ්නි චන්ද්‍රසේකරsidni chandhraseekara

ගී පද

(හැංගි හැංගි එබිකම් කළා 
හොර හොරෙන් ඔබේ හිත අස්සේ....//)
හැංගීලා ආදරේ කියන්නත් ලෝභ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ.....
හැංගි හැංගි ඒබිකම් කළා 
හොර හොරෙන් ඔබේ හිත අස්සේ....

ඉකි බිඳිනා සයුර වගේ කැළඹේවි ආදරේ
දුක දරනා පොළොව වගේ රළු වේවි ආදරේ
ඒ වාගේ නෑ අපේ ආදරේ 
ලස්සන අහසේ තරු මල් වගේ
සුමුදුයි මල් පෙත්තක් වගේ.....
 
සදහට මා ඔබ තුරුලේ රැක දේවි ආදරේ
මා ඔබගේ දෙව්දුව වේ දෙව් විමනේ ආදරේ
සමුගන්න දා ජීවිතෙන් අපි 
අවසන් හුස්ම පොද දෙදෙනාගේ
එකටම යං අපේ ආදරෙන්......

හැංගි හැංගි.....