හංගන්න බැරි වේවි ආදරේhanganna baeri weewi aadharee

Hanganna Bari Wevi Adare

ගී පද

(හංගන්න බැරි වේවි ආදරේ
හැංගෙන්න හැදුවාට හොරැහින් හොරෙන්
රිංගන්න හිතුවාට හිරිපොද මැදින්
දඟලන්න තහනම් මේ පපු පහසේදී නම්......//)

ජීවිතේ හරි නොසන්සුන් 
ඒ හින්දාම සිහසුන්ව ඉන්නම්
ආදරේ ඒ වග කියාවී
ඔබ තුරුලේහී සන්සුන් සුවෙන් මං
ඔබ තුරුලේහී සන්සුන් සුවෙන් මං.......

ලාමක මඳ නල මග පෙන්වනකන් හීන් හඩින්
මග හැර යන්නට හිත දෙන්නැති නැතිවෙනකන්
කුඩළු මල් පත එපා වෙලා පරවී යනකන්
හිතළු කතා කිය කියා ඉමු රෑ එළිවෙද්දිත්.......

ආදරේ හරි නොසන්සුන්
ඒ හින්දාම සංසුන්ව ඉන්නම්
ජීවිතේ රඟ දැනේවී
(ඔබ තුරුලේහි සිහිසුන් නොවී මං.......//)