හංගන්න ආදරේ හේතු හොයලාhanganna aadharee heethu hoyalaa

Hanganna Adare

ගී පද

හංගන්න ආදරේ හේතු හොයලා
වෙන් වී ඔයා ගියේ දුකම තියලා
මං නිසා හඬ හඬා ගත කෙරුව ජීවිතේ
අද ඉදන් නෑ තමා ඉන්න සතුටින් ලොවේ
හංගන්න ආදරේ

වරදේ බැදී එදා මඟහැර ඔයා
මං පව්කරා තමා දුර නොහිතලා
ඉවසලා කාලයක් තනියම හඬා
සමුගන්න තීරනේ කෙරුවා ඔයා
ආදරේ නොහැගුනේ ඇයි දන්නෙ නෑ එදා
දැන් හුගක් දැනෙනවා ලඟ නැති නිසා ඔයා
හංගන්න ආදරේ

හැමදේ සොයා බලා තනිකම් මකා
හෙවනැල්ලටත් මගේ පාර කියලා
වෙන ලෝකයක් සොයා යන්න ගියදා
මට තේරුණා අගේ වැරදුන නිසා
ආදරේ නොහැගුනේ ඇයි දන්නෙ නෑ එදා
දැන් හුගක් දැනෙනවා ලඟ නැති නිසා ඔයා
හංගන්න ආදරේ