හඬන්නෙපා හඬන්නෙපාhandannepaa handannepaa

Handannepa Handannepa

පද රචනය:
ලූෂන් බුලත්සිංහලluushan bulathsinhala

ගී පද

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ...//

ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ...//

සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ...//

නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්‍//
ඔහු එනතුරු උ‍ඹ තනියෙන් සිං‍දු කියාපන්..//