ගී පද
හඬනවා නම් හඬන්න
හඬන්න දුක තුනි වෙනකල්
ඉඩ දෙනු මැන බහින්න
මේ නැවතුම් පල ගාවින්
අපි තව දුර නොයා යුතුයි
ඔබ හිතලා බලන්න
අදින් පසුව කිසිවක් නෑ
හිතවත්කම ඇරෙන්න //
හඬනවා නම් හඬන්න .....
තුන් හිතකින්වත් මට බෑ
අහිතක් නම් හිතන්න
මට දුන් ආදරය හදේ
මිය යනතුරු රකින්න
හඬනවා නම් හඬන්න .....//