ගී පද
(හඳ පානක් සේ ඇවිදින් ගමිමානෙන් මේ නගරෙට
ගංඟාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට..//)
දූවිිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුණත් මා ලද ගම් පියසේ
මේ නගරේ කූඩු වෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ
හඳ පානක් සේ ඇවිදින්....
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින්....//