ගී පද
හමුවුනා පුරුදු සුවඳක් නුරා
සිහිනෙන් කී රහසේ
හැඟුමන් පෑ දෑසේ
නැවතුනා ගැහෙන හදවත පුරා
දෑළේ නෙතු දෑළේ
රහසින් කී ආලේ
ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සඳලුතලයේ
මං ගැන හොයනා
කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ
මම ඉඳහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ
තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ
බිඳුණු හදවත්
එකතු වෙන කාලේ
ගයමු දවසක
ජිවිතේ තාලේ
තරු ඇසිපිය නොපියා
මගෙ තුරුලට වීලා
හිතේ ආදරේ ගී
රහසින් මුමුණනවා
සඳ මඩලට එබිලා
සුසුමක සුව තවරා
මගේ ජිවිතේ රහසේ
මල්පෙති අතුරනවා
ඇස්වහ වැදෙනා
සිනහව පිපුනා
සඳලුතලයේ
මං ගැන හොයනා
කුමරෙක් උන්නා
දෝ මදුමල් කැලයේ
මම ඉඳහිට මගතොට
නෙත් හමුවන විට
නොකියා කියූ දේ
තව නොකියා ඉන්නට
හිත උහුලන්නට බෑ
හද රිදුම් දේ
බිඳුණු හදවත්
එකතු වෙන කාලේ
ගයමු දවසක
ජිවිතේ තාලේ