හමුවෙනා නෙත් දහක්‌ අතරින්hamuwenaa neth dhahak atharin

Hamuwena Neth Dahasak

ගී පද

හමුවෙනා නෙත් දහක්  අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා...

ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...

හමුවෙනා නෙත්...

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක් වත් එපා...

ඔබව හිමිවේ නම්....
හමුවෙනා නෙත්....