ගී පද
ආදරේ කෙරු කාට කාටත්
වැරදුන මොහොතක්
ජීවිතේ තැනු හීන කාගෙත්
බොඳ උනා කොහොමත්
අහසේ මැවුවට මාළිගා බොරුවෙ ජීවත් වෙලා
දුක්වෙයි දවසක තේරිලා මාවම මතක් වෙලා
හමුවීලා වෙන්වී යන්නද මුණගැස්සුවෙ දෙවියන් අපිව
හිනැහීලා යන්නම් මග තොටකදී යළි මුණගැහුනොත් අපිව....//
වසන්තය උදාවේ ආයේ
මටත් කියල ලියවීලා
මමත් ලස්සනට හිනැහේවී
හුගක් ආදරේ ලැබිලා
අහසේ මැවුවට මාළිගා බොරුවෙ ජීවත් වෙලා
දුක්වෙයි දවසක තේරිලා මාවම මතක් වෙලා
හමුවීලා වෙන්වී යන්නද....//
හිතක් අතරමග හමුවී
ඔබේ කියල ලියවීලා
දුකක් නොදී රැකබැලුවෝතින්
ඔයත් ඉඳී හිනැහීලා
ආදරේ කෙරු කාට කාටත්...
හමුවීලා වෙන්වී යන්නද....//